අත්තම්මා
(අත්තම්ම ඉස්සරහ ඉටිපන්දමක් පත්තුකරගන්න බැරිවෙච්ච පළමුවැනි අවුරුද්ද මේක)
ඉල්මහේ සීතල අවදිව
කල්පනා කරමි රෑ මැදියම
කල්පයක් තරම් දිගු මතකය
නිල් අහස පළලටම නිසලය
මළවුන්ගෙ මාසයේ රුධිරය
කළපුවක මෙනි හරිම සසලය
මළගෙයක හැඬුම්බර කටහඬ
නළ මුදුව ගලා ඒ කුටියට
ගල්කිස්ස සුසානේ සැතපෙන
අත්තම්ම නෙතේ වූ කඳුළක
සද්දන්ත සෙනේහේ සිසිලත
නිස්සද්ද මගේ ළය කළඹන
විඩාබර කතෝලික කුරුසිය
සදාදර ඇගේ හිස අබියස
කතා කර පුතේ යැයැ අමතන
ඇගේ නෙත මගේ නෙත සනහන
අන්තෝනි පල්ලියේ සියොළඟ
පින්තාරු කළ නොහෙන සුරුවම
කන්තාරු ගීතිකා තටුගෙන
නින්නාද නගාගෙන පියඹන
කැරලි කෙහෙරැලි නැගුණු හිස මත
ඇඟිලි තුඩු හොවා තඩි විමසන
සරැලි නග නගා කවි කිය කිය
කෙවිලියක විලාසෙන් හිනැහුණ
පැල්පත්ම කිව නොහෙන නිවසේ
පොල් පත්ය සෙවෙනි කර තිබුණේ
ඉල් මහේ වස්සාන වතුරේ
හිල් තුළිනි ඈ නින්ද පෙඟුණේ
ගොප් කොළින් සැරසුණා මග දිග
ලොප් වුණා මගේ කල දවසම
දුක්වෙලා පළක් නැති අඳුරඑ
රොක් වුණා මගේ කවි සපුවම
රොටියක් ඔබේ අතින් වළඳන්න
ගුටියක් කකා හිත ම සනසන්න
ඉටිපන්දමක් රැගෙන පැමිණෙන්න
කෙටි මගක් තිබේදැයි කියපන්න
මංජුල වෙඩිවර්ධන
ඉල් 15 - 2009
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
(අත්තම්ම ඉස්සරහ ඉටිපන්දමක් පත්තුකරගන්න බැරිවෙච්ච පළමුවැනි අවුරුද්ද මේක)
ඉල්මහේ සීතල අවදිව
කල්පනා කරමි රෑ මැදියම
කල්පයක් තරම් දිගු මතකය
නිල් අහස පළලටම නිසලය
මළවුන්ගෙ මාසයේ රුධිරය
කළපුවක මෙනි හරිම සසලය
මළගෙයක හැඬුම්බර කටහඬ
නළ මුදුව ගලා ඒ කුටියට
ගල්කිස්ස සුසානේ සැතපෙන
අත්තම්ම නෙතේ වූ කඳුළක
සද්දන්ත සෙනේහේ සිසිලත
නිස්සද්ද මගේ ළය කළඹන
විඩාබර කතෝලික කුරුසිය
සදාදර ඇගේ හිස අබියස
කතා කර පුතේ යැයැ අමතන
ඇගේ නෙත මගේ නෙත සනහන
අන්තෝනි පල්ලියේ සියොළඟ
පින්තාරු කළ නොහෙන සුරුවම
කන්තාරු ගීතිකා තටුගෙන
නින්නාද නගාගෙන පියඹන
කැරලි කෙහෙරැලි නැගුණු හිස මත
ඇඟිලි තුඩු හොවා තඩි විමසන
සරැලි නග නගා කවි කිය කිය
කෙවිලියක විලාසෙන් හිනැහුණ
පැල්පත්ම කිව නොහෙන නිවසේ
පොල් පත්ය සෙවෙනි කර තිබුණේ
ඉල් මහේ වස්සාන වතුරේ
හිල් තුළිනි ඈ නින්ද පෙඟුණේ
ගොප් කොළින් සැරසුණා මග දිග
ලොප් වුණා මගේ කල දවසම
දුක්වෙලා පළක් නැති අඳුරඑ
රොක් වුණා මගේ කවි සපුවම
රොටියක් ඔබේ අතින් වළඳන්න
ගුටියක් කකා හිත ම සනසන්න
ඉටිපන්දමක් රැගෙන පැමිණෙන්න
කෙටි මගක් තිබේදැයි කියපන්න
මංජුල වෙඩිවර්ධන
ඉල් 15 - 2009




