එකුන් විසි අවුරුද්ද..!
'පබ්' එකේ පැත්තක
තියෙන ගම්මාලු ගස යට
තාමත් 'ජෝඩුවක්' ඇති
කෙල්ලෙකි වැඩිය හැඩ නැති
කොල්ලෙකි අතේ පිච්චිය නැති
අමරදේව ට සේකර ට පණ හළ
වික්ට' කටපාඩම් කළ
නන්දා ට ගී පද මතක් කළ
කපුගේ නින්දෙනුත් මිමිණුව
ගම්මාලු පොතු යට උන්ගේ හද ගැස්ම ඇති
ගම්මාලු කොළ අතර බෙදා ගත් සෙනෙහස ඇති
වසත් කල ආ කල මහ පාරටත් විසිරෙන
පුංචි කහ පෙති වල කවි ලියූ අකුරු ඇති
සඳ එළියක වැතිර
අහන මෙන ගී සර
හදෙහි වූ ආසා
සැබෑවක් වී ඇත
වියපත් විවාපත්
උසයයි උපන් දරුවත්
තරුණයි තාම හදවත්
ලියැවෙයි ප්‍රේම ගීතත්
කල් ගෙවී ගිය මුත්
සෙනෙහස නොවේ අඩුවක්
දෙන මුත් චකිතයක්
වලියක් වුණත් ජොලියක්
ගම්මාලු සෙවණ යට තාමත්
සිටිති කොල්ලත් කෙල්ලත්
පැහැරුවොත් කඳෙන් පොත්තක්
අලුත් ලේ බිඳු ඉන් ගලත්
හෂිත -2009/11/24
http://rasawathiya.blogspot.com
'පබ්' එකේ පැත්තක
තියෙන ගම්මාලු ගස යට
තාමත් 'ජෝඩුවක්' ඇති
කෙල්ලෙකි වැඩිය හැඩ නැති
කොල්ලෙකි අතේ පිච්චිය නැති
අමරදේව ට සේකර ට පණ හළ
වික්ට' කටපාඩම් කළ
නන්දා ට ගී පද මතක් කළ
කපුගේ නින්දෙනුත් මිමිණුව
ගම්මාලු පොතු යට උන්ගේ හද ගැස්ම ඇති
ගම්මාලු කොළ අතර බෙදා ගත් සෙනෙහස ඇති
වසත් කල ආ කල මහ පාරටත් විසිරෙන
පුංචි කහ පෙති වල කවි ලියූ අකුරු ඇති
සඳ එළියක වැතිර
අහන මෙන ගී සර
හදෙහි වූ ආසා
සැබෑවක් වී ඇත
වියපත් විවාපත්
උසයයි උපන් දරුවත්
තරුණයි තාම හදවත්
ලියැවෙයි ප්‍රේම ගීතත්
කල් ගෙවී ගිය මුත්
සෙනෙහස නොවේ අඩුවක්
දෙන මුත් චකිතයක්
වලියක් වුණත් ජොලියක්
ගම්මාලු සෙවණ යට තාමත්
සිටිති කොල්ලත් කෙල්ලත්
පැහැරුවොත් කඳෙන් පොත්තක්
අලුත් ලේ බිඳු ඉන් ගලත්
හෂිත -2009/11/24
http://rasawathiya.blogspot.com
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook



