Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වෙස් බැඳුණු මුහුණත්
සිනා පඬු ලා සිරිමත්
ගෙන තෑගි බෝගත්
අසුන් ගත්තෝ - අමුත්තෝ විත්

කෙරූ කෙරුවාවල්
නොපිරූ කල්පනාවල්
ගැහැණු වරුණාවල්
පිරිමි හිනැහෙති - දී සිනා බොල්

බැලුම් මෙන සිවිලිම
ඔන්න මෙන්න වැ පිපිරෙන
පුම්බාගත් ලියෙන
ජපකරති ගැහැණුද - 'මමායන'

මාරු කර අඹු සැමි
බදා නටතෙයි වැනි වැනී
බෙදා ගෙනැ බුදිමිනි
සුනඛයොත් - ගෙයි කොණක හිනැහුනී

මධු පුරති සැමියෝ
පුර සාරමෙනි බිරියෝ
වැලි කෙළිති දරුවෝ
උගුල ඇද හිනැහෙති - ගෙහිමියෝ

ලොකු කම් පෙන්නුවත්
අසල් වැසි සිත් තැවුවත්
ගත් ණයෙනි නිදහස්
වෙනුයෙ කෙළෙසද - හඬයි උන් සිත්

යමුනා මාලිනි පෙරේරා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails