
නොබෙල් ත්‍යාගලාභී ඇමරිකානු ලේඛක ජෝන් ස්ටයින්බෙක්ගේ විශ්ව සම්මානනීය නවකතාව 'Grapes of Wrath','වෛරයේ මිදි ඵල' නමින් ශ්‍යාමන් හේමකොඩි විසින් සිංහල බසට පරිවර්තනය කොට ඇත. ග්‍රන්ථය දොරට වැඩුම 2012 ජූලි මස 28 සහ 29 දෙදින පෙ ව 9.00 සිට ප ව 7.00 දක්වා නුගේගොඩ සව්සිරි වෙළඳ සංකීර්ණයෙහි පිහිටි විදර්ශන පොත් හලේ දී සිදුවේ. (නුගේගොඩ ගුවන් පාලම කොළඹ දෙසින් ආරම්භවන ස්ථානයේ.)
'Grapes of Wrath' නැමති මෙම කෘතිය විසි වැනි සියවසෙහි ලොව රචිත විශිෂ්ටතම නවකතා සියය අතුරින් එකකි. 1939 දී පුලිට්සර් ත්‍යාගයෙන් පිදුම් ලද එය, 1962 දී ජෝන් ස්ටෙයින්බෙක් වෙත සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය පිරිනැමීමේ ප්‍රධාන හේතු සාධකය ලෙස සැළකිණි.
විමසීම්- 072 349 6626 [ජනක]
සූකිරි ඔත්තු | Grapes of Wrath- වෛරයේ මිදි ඵල| ජූලි 28-29 විදර්ශන පොත්හලේ දී
Posted by
BoondiOnLine
7.23.2012



