
ඔබ ගඟක්
දිය රැලි නැගෙන්නේ නැති ගඟක්
පෙනපිඬු පිපෙන්නේ නැති ගඟක්
කිසිදින ගලන්නේ නැති ගඟක්
නිම්නයක් නැති ජීවිතේ
කෙළෙසින් ගලන්න ද
නිම්තෙරක් නැති ආකහේ
හිරු රැස් දකින්න ද
වළාකුළු මිස
අහස නැති රෑ
අන්ධ අඳුර යට
සඳ නැගෙන්නේ කෙළෙස
ගඟ දිය මත වැටෙන්න
(අමල් පෙරේරා සංගීතවත් කොට ගයන ගීය. ප්‍රදීප් ධර්මදාසගේ සමනළුන්ට වෙඩි තියන්න ටෙලි නාට්‍යයෙන්. ගීතය අහන්න මෙතනින් යන්න.)
මංජුල වෙඩිවර්ධන



