
නොබෙල් සම්මානලාභී, රුමේනියානු සම්භවයක් ඇති ජර්මානු නවකථාකාරියක වන හර්ටා මිලර් (Herta Muller) විසින් ජර්මන් බසින රචිත Der Mensch ist ein groβer Fasan auf der Welt-1986 (The Passport) නම් නවකථාව ‘දඩබිමක සිරගතව’ යන මැයෙන් සජීවනී කස්තුරිආරච්චි විසින් සිංහල බසට නඟා ඇත.
1953 ඉපිද රුමේනියාවේ එවකට පැවති සීසෙක්යු ගේ ඒකාධිපති පාලනයේ පීඩනය මැනවින් අත්විඳි හර්ටා ගේ කෘතීන්ට පාදකව ඇත්තේ දේශපාලන ත්‍රස්තවාදය සහ පරිපීඩනය සහ තුළ සිය මව්බිම හැර යාමට බල කෙරෙන මනුෂ්‍ය ප්‍රජාව පිළිබඳ කතාන්තරය යි. 2009 වසරේ දී සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය හිමිකර ගන්නා හර්ටා මිලර් ගේ කෘතියක් සිංහල බසට නැඟෙන ප්‍රථම වතාව මෙයයි. ‘දඩබිමක සිරගතව‘ විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රයේ ප්රකාශනයකි.
හර්ටා මිලර්
ඒ සමඟම සජීවනී ගේ තුන්වැනි පද්‍ය සංග්‍රහය වන ‘විප්රවාසියකුගේ ළතැවිල්ල’ ගොඩගේ ප්රකාශනයක් ලෙස එළිදක්වා තිබේ.
සජීවනී
සූකිරි ඔත්තු | සජීවනී කස්තුරිආරච්චිගෙන් ‘දඩබිමක සිරගතව' සහ ‘විප්රවාසියකුගේ ළතැවිල්ල'
Posted by
BoondiOnLine
9.12.2012



