
සොඳුර අප
ගිමන් කල්
පිපිණු මල්
හිතත් පපුවත්
මැරුණු
පොළොව පිට
තෙතක් නැති
අහස යට
දැවි දැවී
තැවුල්පත්.
නගා අත්
නිගා දී
සිනිඳු සිත් පෙති
තලන
සුවඳ නො හඟින
ලොවක
දිවා අඳුරෙ ම
මියෙන
සොඳුර අප
ගිමන් කල්
පිපිණු මල්
විජය නන්දන පෙරේරා



