
අහස ඇයි නිල් පාට?
නෑ සැකක්,
දන්නෙ නෑ ඔබ ඒක
අයිති කරගන්නවා හිම වලින් සුදු පාට
ගහ වැලින් තණ පතින් කොළ පාට
ඉදෙනවා අඹ - කෙසෙල්
පොදින් පොද අයිති කරගන්නවා කහ පාට
ඉර බහිනකොට හවස
අයිති කරගන්නවා රතු පාට
වත් කරනවා වෙරළ තීරයට
කඳු යාය පිටුපසට
අන්තිමේ
ඉතිරි වූ
නිල් පාට
අහසට යි...
දුටුවා ද ඔබ
ඒක?
['Why The Sky is Blue' by John Ciardy]
ජෝන් චාඩි
පරිවර්තනය - අනුරාධ මහසිංහ



